Watch : සීමාවේ රැදී සිටියදී උඩ පැන්න පිතිකරු දුවද්දී දැවී ගිය හැටි

Date:

පාකිස්තානයේ පැවැත්වෙන Quaid-e-Azam Trophy පළමු පෙල තරගාවලියේ අවසන් තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දැවී යාමකට ගොදුරු වීමට Sialkot Region කණ්ඩායමේ Mohammad Waleed හට සිදු වුණා.

කරච්චිහීදී පැවැත්වෙන මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ Peshawar Region කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Peshawar Region කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 258 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස Sialkot Region කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්.

Sialkot Region ඉනිම අතරතුර මැද පෙල පිතිකරු Mohammad Waleed දුවද්දී දැවී යාමකට හසු වුණේ ලකුණු බින්දුවක් ලබා සිටියදීයි.

Amir Khan යොමු කළ පන්දුවකට ඔහු එල්ල කළ පහරකින් පසුව පන්දුව යළි පෙරලා පන්දු යවන්නා අතටම පත් වූ අතර, එම අවස්ථාවේදී පන්දු යවන්නා විසින් යළි පන්දුව කඩුල්ල වෙත විසි කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පිතිකරුවා සිය සීමාවේ රැදී සිටි නමුත්, තමා දෙසට ඇදී ආ පන්දුව සිය ශරීරියේ වැදීමෙන් වැළකී සිටීම සදහා ඔහු සිය එක් පාදක් ඉහළම එසවීමට කටයුතු කළා.

නමුත්, එම අවස්ථාවේදී ඔහුගේ පාද දෙකම ඉහළට එසවීමක් සිදු වූ අතර, අනතුරුව පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුණේ පිතිකරු දුවද්දී දැවී යාමකට ගොදුරු කරමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...