ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 181 කට සීමා වෙයි – බුම්රා රෝහල්ගත කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියා අතර සිඩ්නිහීදී පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(4).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණයි.

ඒ, පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලබා ගත් ලකුණු 185 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 4ක් ඉදිරියෙන් පසුවෙමින් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ඉන්දියාවට අවස්ථාව ලැබී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනූ Beau Webster. ඔහු ලකුණු 57 ක් ලබා ගත්තේ හතරේ පහර 5 ක් සමගින්. ස්ටීවන් ස්මිත් ලකුණු 33 කටත්, සෑම් කොන්ස්ටස් ලකුණු 23 කටත් දැවී ගියා.

ඉනිම අතරතුරදී ඉන්දීය වැඩබලන නායක ජස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය අතර, ඔහු වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් රෝහල්ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් හා ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 බැගින් බිද හෙලුවා. බුම්රා හා නිටිෂ් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

සෑම් කොන්ස්ටස් හා ට්‍රැවිස් හෙඩ්ගේ(ලකුණු 4කට) කඩුලු දෙකම එකම පන්දුවාරයකදී දවා ගැනීමට සිරාජ් සමත් වීම ද කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...