Watch : ස්මිත්-ලබුෂේන්ගේ වාග් ප්‍රහාරය හමුවේ උරණ වූ ගිල් ඊළග පන්දුවෙන්ම දැවී ගිය හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර මේ දිනවල පැවැත්වෙන බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිරතුරුවම පුවත් මවන තරගාවලියක් බවට පත්ව අවසන්.

තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය අද(3) සිඩ්නිහීදී ආරම්භ වූ අතර, තරගයේ පළමු දිනය ද විවිධ සිදුවීම් හේතුවෙන් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයක් දිනා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පළමු දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9 ක්. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 176 ක්.

අද දිනයේදී ඉන්දීය ඉනිම අතරතුර ස්ටීවන් ස්මිත්, මර්නස් ලබුෂේන් හා ෂුබ්මන් ගිල් අතර යම් වචන හුවමාරුවක් සිදු වන ආකාරය දැක ගත හැකි වුණා.

දිවා ආහාරයට තරගය නතර කිරීමට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවාරය නේදන් ලයන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරය අතරතුරදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්මිත් විසින් හා ලෙග් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ලබුෂේන් විසින් ෂුබ්මන් ගිල්ගේ ඒකාග්‍රතාවය බිද දැමීම සදහා යම් ප්‍රකාශ කිහිපයක් සිදු කරන ආකාරය දැක ගත හැකි වුණා.

එම අවස්ථාවේදී ෂුබ්මන් ගිල්ගේ ඉවසීම ද ඉක්මවා යාම නිසා ඔහු ද පෙරළා ස්මිත් හා ලබුෂේන් සමග වචන හුවමාරුවකට එක් වන ආකාරය දැක ගත හැකි වුණා.

විශේෂත්වය වූයේ ලයන් යොමු කළ ඊළග පන්දුවෙන්ම, එනම් දිවා ආහාරයට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 20 ක් ලබා සිටියදී ස්මිත් අතටම උඩ පන්දුවක් ලබා දී දැවී යාමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...