Watch : කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් හා ඩැනියල් සෑම්ස් එකිනෙකා ගැටීමෙන් සිදු වූ දරුණු අනතුර මෙන්න

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම හා පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද(3) පස්වරුවේ ආරම්භ වූ තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී තන්ඩර් කණ්ඩායමේ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් හා ඩැනියල් සෑම්ස් එකිනෙකා ගැටීම හේතුවෙන් අනතුරකට මුහුණ දුන්නා.

පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ස්කෝචර්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.

ලොකී ෆර්ගසන් යොමු කළ 16 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීයි එම ක්‍රීඩකයින් දෙදෙනා මෙම අනතුරට මුහුණ දුන්නේ.

Cooper Connolly එල්ල කළ පහරකින් පසුව උඩ පන්දුව රැක ගැනීමට යාමේදී බ්‍රැන්ක්‍රොෆ්ට් හා ඩැනියල් සෑම්ස් මෙලෙස එකිනෙකා ගැටීම සිදු වුණා. ඔවුන් දෙදෙනාම උඩ පන්දුව රැක ගැනීම වෙනුවෙන් පන්දුව දෙස බලමින් එකිනෙකා දෙසට දිව ගිය අතර, එහිදී දෙදෙනාගෙන් කිසිවෙකුත් අනෙක් ක්‍රීඩකයාව දුටු බවක් දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව ඔවුන් දෙදෙනා එකිනෙකා ගැටීමක් සිදු වුණා. එහිදී දෙදෙනාගේම මුහුණුවලට තුවාල සිදු වූ ආකාරයක් දැක ගත හැකි වූ අතර, මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමටයි පියවර ගැණුනේ.

ඔවුන් දෙදෙනා කම්පන තත්ත්වයකින් ද පසුවීම පදනම් කර ගනිමින් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමග පැවැත්වෙමින් තිබූ තරගයෙන් ඉවත් කර, ඒ වෙනුවට Oliver Davies හා Hugh Weibgen කණ්ඩායමට ආදේශ කෙරුණා.

අනතුර සිදු වූ අයුරු ඇතුළත් දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...