Watch : out ද? නැද්ද ? කෝලි පළමු පන්දුවෙන්ම නොදැවී ගිය දැවී යාම

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සිඩ්නිහීදී අද(3) ආරම්භ වුණා. ඒ, තෙවන විනිසුරු ලබා දුන් ආන්දෝලනාත්මක විනිසුරු තීන්දුවක් ද සමගින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. මෙම තරගය සදහා ක්‍රීඩා නොකිරීමට නිත්‍ය නායක රෝහිත් ෂර්මා තීරණය කර ඇති අතර, ඒ අනුව ජස්ප්‍රිට් බුම්රා අද ආරම්භ වූ තරගයේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 17 ක් තුළ බිද වැටුණා. ඉන් අනතුරුව පිටියට පිවිසි විරාත් කෝලි ද පළමු පන්දුවෙන්ම දවා ගැනීම සදහා අවස්ථාවක් ඔස්ට්‍රේලියාවට උදා වුණා.

ඒ, ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේ දෙවන slip ක්‍රීඩකයා අතට ලබා දුන් උඩ පන්දුවක් හේතුවෙන්.

එය බිම පතිත වීමට මොහොතකට පෙර තනි අතින් රැක ගැනීමට ස්ටීවන් ස්මිත්ට හැකි වූ නමුත්, ඔහුට එම උඩ පන්දුව සිය පාලනයේ තබා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව ඔහුගේ අතින් ගිලිහුණු පන්දුව උඩ පන්දුවක් ලෙස gully ප්‍රදේශයට ඇදී ගියා.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ මර්නස් ලබුෂේන් විසින් උඩ පන්දුව සුරැකිව රැක ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, එය තෙවන විනිසුරුට යොමු කෙරුණු අතර, එහිදී තීන්දු කෙරුණේ එය නොදැවී යාමක් බවයි. ස්මිත්ගේ අතින් පන්දුවේ පාලනය ගිලිහීමට පෙර එය බිම ස්පර්ශ වූ බව තෙවන විනිසුරුගේ අදහස වුණා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වනු ලබනවා.

ලකුණු බින්දුවේදී පිටියේ රැදී සිටීමට කෝලි වාසනාවන්ත වූ නමුත්, ඔහු ලකුණු 17 ක් ලබා සිටියදී බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේම යළිත් slip කලාපයටම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

පළමු පන්දුවේදී සිදු වූ සිදුවීම හා ඒ සම්බන්ධයෙන් ස්මිත් පල කළ අදහස් මෙන්ම කෝලි දැවී ගිය අයුරු ඇතුළත් දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...