ඔස්ට්‍රේලියානු නායකයා ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වන ලකුණු

Date:

මෙම මස අගදී සිදු කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා තමන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවසනවා.

ඒ, ඔහු සහ ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවිනුයි.

මෙම සංචාරයේදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය එළඹෙන 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

“හරියටම දවස සැලසුම් කරන්න අමාරුයි, නමුත් අනිවාර්යයෙන්ම(මට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි)” යනුවෙන් ‘The Daily Telegraph’ වෙත අදහස් දක්වමින් කමින්ස් සදහන් කළා.

ඒ අනුව පැට් කමින්ස් මෙම සංචාරය සදහා ක්‍රීඩා නොකළහොත් ස්ටීවන් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

මෙම සංචාරයට අදාළ ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරගයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...