ඉන්දීය නායකයාට අවසන් තරගයේදී ස්ථානය අහිමි වන ලකුණු – ඔස්ට්‍රේලියාවෙනුත් එක් වෙනස්කමක්

Date:

ඔස්ට්‍රේලියාව සමග හෙට (3) මෙරට වේලාවෙන් අලුයම 5:00 ට සිඩ්නිහීදී ආරම්භ වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඉන්දීය නායක රෝහිත් ෂර්මා ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රෝහිත් මේ වන විට සිය සුපුරුදු දක්ෂතා අතර නොමැති අතර, අවසන් ටෙස්ට් තරග 9 තුළදී ඔහුගේ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 10.93 ක් ලෙසයි. මෙම ටෙස්ට් තරගාවලියේ දී ඔහුගේ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 6.2 ක් ලෙසයි.

හෙට ආරම්භ වන තරගය පිළිබද දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුව සදහා ද නායක රෝහිත් ෂර්මා එක් නොවූ අතර, ඒ සදහා එක් වූයේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර්.

හෙට තරගය සදහා රෝහිත් ක්‍රීඩා කරන්නේ දැයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණු නමුත්, ඊට සෘජු පිළිතුරක් ගම්භීර් විසින් ලබා දුන්නේ නැහැ.

“රෝහිත් හොදින්ද?” යනුවෙන් විමසූ පැනයට ගම්භීර් පිළිතුරු ලබා දෙමින් සදහන් කළේ “සියල්ල හොදින්” යනුවෙනුයි. අනතුරුව රෝහිත් හෙට තරගයට ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමසූ පැනයට ගම්භීර් ලබා දුන්නේ මෙවන් පිළිතුරක්: “අපි තණතීරුව බලලා හෙට දිනයේදී අවසන් 11 දෙනා ගැන තීරණයක් ගන්නවා”

රෝහිත් ෂර්මා හෙට තරගයට ක්‍රීඩා නොකළහොත් ඔහු වෙනුවට ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය කණ්ඩායම මෙහෙය වනු ඇති.

මේ අතර, ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහු වෙනුවට Beau Webster පස්වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගන්නා බවයි නායක පැට් කමින්ස් සදහන් කළේ.

මෙම තරගාවලිය පුරා පිත්තෙන් හා පන්දු යැවීමෙන් සැලකිය යුතු දක්ෂතා දැක්වීමට මිචෙල් මාෂ් අසමත් වීම හේතුවෙන් ඔහුව මෙලෙස කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

මෙම වෙනස්කම පමණක් අවසන් තරගය වෙනුවෙන් සිදු කර ඇති අතර, ඒ අනුව පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටි මිචෙල් ස්ටක් ද මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර, පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප්ට ද දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...