Watch : ‘timed out’ දැවී යාමකට හසු වූ පිතිකරු යළි කැදවීමෙන් පසු පළමු පන්දුවෙන්ම දැවී යයි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(31) පස්වරුවේ පැවැති තරගාවලියේ තෙවැනි තරගයේදී timed out ක්‍රමවේදය යටතේ Chittagong Kings කණ්ඩායමේ Tom O’Connell දවා ගැනීමට Khulna Tigers කණ්ඩායම කටයුතු කිරීමත්, ඉන් අනතුරුව ඇති වූ සිදු වීම් කිහිපයත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේදී Chittagong Kings ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස හෙයිදර් අලී දැවී යාමෙන් පසුව O’Connell නියමිත කාලය තුළ පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නැහැ.

ඒ අනුව ප්‍රතිවාදී කණ්ඩායමේ නායක මෙහිදි හසාන් මිරාස් ඔහුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරන්නැයි සිදු කළ ඉල්ලීම විනිසුරුවන් විසින් පිළිගත් අතර, ඒ හේතුවෙන් පිටිය මැදට පැමිණ සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක O’Connell යළි ක්‍රීඩක විවේකාගාරය දෙසට ගමන් කිරීම ආරම්භ කළා.

නමුත්, සුළු වේලාවකින් මෙහිදි හසාන් විසින් යළිත් ඔහුට පන්දුවට පහර දීම සදහා පැමිණෙන ලෙස ආරාධනා කළේ ඊට පෙර ඔහු කර තිබූ සිය ඉල්ලීම ඉවත් කර ගනිමින්.

කෙසේ වෙතත්, විශේෂත්වය වූයේ Tom O’Connell ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යාමයි.

මොහමඩ් නවාස් යොමු කළ පන්දුවක් හමුවේ නායක මෙහිදි හසාන් අතටම උඩ පන්දුවක් ලබා දීමෙන් ඔහු දැවී යාම ද මෙම සිදුවීම් දාමය තවත් ආකර්ශනීය කිරීමට හේතු වුණා.

මෙම සිද්ධියට අදාළ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...