Watch : කොන්ස්ටස්ගේ කඩුල්ල දවා ගනිමින් බුම්රා විසින් කොන්ස්ටස් අනුකරණය කළ හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(29).

අද දිනයේදී ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ආරම්භ කළ යොවුන් ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටස්ගේ කඩුල්ල දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කොන්ස්ටස් දැවී ගියේ.

පළමු ඉනිමේදී හයේ පහර දෙකක් ද සමග බුම්රාට එරෙහිව අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමට කොන්ස්ටස් සමත් වූ අතර, බුම්රාට එරෙහිව එලෙස පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී හයේ පහරක් එල්ල කිරීමට සමත් වුණේ වසර 4 කට පමණ පසුව වීම විශේෂත්වයක්.

මෙම තරගයේ පළමු දිනයේදී සෑම් කොන්ස්ටස් හා විරාත් කෝලි අතර ශාරීරික ගැටීමක් ද සිදු වූ අතර, ඉන්දීය පළමු ඉනිමේදී විරාත් කෝලි දැවී යාමෙන් පසුව සෑම් කොන්ස්ටස් එය සැමරූ ආකාරය ද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා.

බුම්රා විසින් කොන්ස්ටස් දවා ගැනීමෙන් පසුව අද දිනයේදී එම කඩුලු සැමරුම සිදු කළේ ද කොන්ස්ටස් කඩුලු සැමරුම සිදු කළ ආකාරය අනුකරණය කරමින් වීම විශේෂත්වයක්.

ඊට අදාළ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...