නොදැවී එක් දිනක් සම්පූර්ණයෙන්ම පන්දුවට පහර දෙමින් රහ්මට් හා හෂ්මතුල්ලාහ් ටෙස්ට් ඉතිහාසය අලුත් කරයි

Date:

ටෙස්ට් ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙකු සම්පූර්ණ දිනයක් පුරා නොදැවී පන්දුවට පහර දුන් 25 වැනි අවස්ථාව සනිටුහන් කිරීමට ඇෆ්ඝනිස්තානයේ රහ්මට් ශාහ් හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩි අද(28) සමත් වුණා.

ඒ, සිම්බාබ්වේ සමග බුලවායෝහීදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 586 ක් ලබා ගත් අතර, අද දිනයට තරගය ආරම්භ කරන විට ඇෆ්ඝනිස්තානය කඩුලු දෙකක් දැවී ලකුණු 95 ක් ලබා සිටියා.

දිනය නිමා වන විට ඇෆ්ඝනිස්තානය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 425 ක්.

රහ්මත් ශාහ් නොදැවී ලකුණු 231 ක් පන්දු 416 කින් රැස් කර කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර 3ක් හා හතරේ පහර 23 ක් සමගින්.

හෂ්මතුල්ලාහ් ශහීඩි නොදැවී ලකුණු 141(276) යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 361* (618) ක්.

ටෙස්ට් ඉතිහාසයේ පළමු වරට එක් දිනක් පුරා නොදැවී පන්දුවට පහර දුන් පිතිකරුවන් දෙදෙනා ලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ එංගලන්තයේ Jack Hobbs හා Herbert Sutcliffe.

ඔවුන් දෙදෙනා මීට වසර 100 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී, එනම් 1925 වසරේ ජනවාරි 3 වැනිදා දිනය පුරා පන්දුවට පහර දී තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ටෙස්ට් ඉතිහාසයේදී මෙම අපූර්ව වාර්තාව පිහිටුවා තිබෙනවා. පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී අසංක ගුරුසිංහ හා අර්ජුන රණතුංගයි.

සනත් ජයසූරිය හා රොෂාන් මහානාම 1997 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී පිට පිට දින දෙකකදී ද, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර 2006 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ද, කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් 2019 වසරේ දී නවසීලන්තට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ද මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...