ජැෆ්නා ස්ටැලියන්ස් නිල වශයෙන් එළි දකියි – හිමිකරු මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන යාපනය ස්ටැලියන්ස් (ජැෆ්නා ස්ටැලියන්ස්) කණ්ඩායම අද නිල වශයෙන් එළි දැක් වුණා.

සෞඛ්‍ය සේවා ව්‍යවසායකයෙකු වන Brindon Bagirathan මෙහෙය වන බ්‍රිතාන්‍ය කේන්ද්‍රකර ගත් සමූහයක් විසින්  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබනවා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරන අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

ඔවුන් දෙදෙනා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ යොමු කළ පණිවිඩයක් අද දිනයේ දී කණ්ඩායම එළිදක්වන අවස්ථාවේ ප්‍රචාරය කෙරුණා.

මේ අතර,  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලොව අංක එකේ 20යි 20 පිතිකරු වන ඩේවිඩ් මලාන් ද තරගාවලිය පිළිබද අදහස් පල කරන වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබෙනවා. (දර්ශන පහතින්)

දින 15ක කාලයක් පැවැත්වෙන එල්.පී.එල් තරගාවලියට තරග 23 ක් ඇතුළත්.

තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා  මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.

ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතය –

තිසර පෙරේරා(නායක), ඩේවිඩ් මලාන්, වනිදු හසරංග, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, අසිෆ් අලී, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නුවනිදු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රියන් දිනෝෂන්, යියාකාන්ත් යියස්කාන්ත්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...