බැංගලෝරය පරදා චෙන්නායි පිලට කඩුලු 8ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඩුබායි හි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බැංගලෝර් පිල වෙනුවෙන් ක්‍රීඩා නොකළ අතර, ඔහු වෙනුවට කණ්ඩායමේ ස්ථානය හිමි කර ගත්තේ මොයීන් අලී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් පිල පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තේ නායක විරාට් කෝලි ලබා ගත් ලකුණු 50න් සවිමත් වෙමින්.

ඒ.බී ඩිවිලියස් ලකුණු 39ක් සහ දෙව්දත් පඩික්කල් ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවිමේ දී සෑම් කරන් ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලූ අතර, දීපක් චහාර් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රුටුරාජ් ගයික්වඩ් නොදැවී ලකුණු 65ක් ලබා ගත් අතර, අම්බටි රයිදු ලකුණු 39ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස් සහ යුස්වේන්ද්‍ර චහෙල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක් හිමි කර ගනිමින් 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

ඒ, ප්‍රසාද ලකුණු 8ක් හිමි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් ස්ථානයට පත් කරමින්.

බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් සමගින් තවදුරටත් තෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...