ස්ටොක්ස්ට මාස 3 ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට අවම වශයෙන් මාස තුනක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ සිදුව ඇති ආබාධය හේතුවෙන්. ඔහු ලබන මාසයේදී ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම ආබාධයට එංගලන්ත ටෙස්ට් නායකයා මුහුණ දුන්නේ නවසීලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතරතුරදීයි.

එම තරගයේ තෙවැනි දිනයේදී පන්දු යවමින් සිටියදී 33 හැවිරිදි ස්ටොක්ස් මෙම ආබාධයට මුහුණ දුන්නා.

එම පාදයේ ආබාධයකට ස්ටොක්ස් මෙම වසරේදී මුහුණ දුන් දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය අගෝස්තු මාසයේදී හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ද ඔහු මෙම ආබාධයටම මුහුණ දුන්නා.

මෙම ආබාධය නිසා බෙන් ස්ටොක්ස්ට එළඹෙන ඉන්දීය තරග සංචාරය මෙන්ම 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

එමෙන්ම ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත SA20 තරගාවලිය සදහා ද MI Cape Town කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම සදහා ස්ටොක්ස් සූදානමින් සිටි නමුත්, එම අවස්ථාව ද ඔහුට මේ වන විට අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...