ජන්ගෝ පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවමින් පාකිස්තාන සංචාරයට කොදෙව් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරයට ඇතුළත් තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට අමීර් ජන්ගෝ නම් කර තිබෙනවා. ඔහු එරට ටෙස්ට් සංචිතයට නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

කොදෙව්වන් මෙලෙස පාකිස්තානයේ ටෙස්ට් තරග සංචාරයකට එක්වන්නේ වසර 18 කටත් වැඩි කාලයකින් පසුවයි.

වමත් දග පන්දු යවන ක්‍රීඩක ගුඩකේෂ් මොති ද යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. Global Super League තරගාවලියට ක්‍රීඩා කළ බැවින් ඔහු බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කළේ නැහැ.

මෝති හැරුණු විට ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස කෙවින් සින්ක්යාර් හා ජොමෙල් වොරිකන් ද සංචිතයට ඇතුළත්.

ශමාර් ජෝසප් හා අල්සාරි ජෝසප් සංචිතය සදහා නම් කර නැහැ. ශමාර් ආබාධයකට ලක්ව සිටින අතර, අල්සාරි ILT20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙම ටෙස්ට් තරගාවලියට එක් වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජනවාරි 17 වැනිදා මුල්තාන්හීදී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය මුල්තාන්හීදීම ආරම්භ වන්නේ ජනවරි 25 වැනිදායි.

West Indies squad for Pakistan Tests

Kraigg Brathwaite (c), Joshua Da Silva (vice-capt), Alick Athanaze, Keacy Carty, Justin Greaves, Kavem Hodge, Tevin Imlach, Amir Jangoo, Mikyle Louis, Gudakesh Motie, Anderson Phillip, Kemar Roach, Kevin Sinclair, Jayden Seales, Jomel Warrican

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...