ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පරිදි දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා එළඹෙන දෙසැම්බර් මාසයේ දී එක් වනු ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මාස 10කට පමණ පසුව ජාත්‍යන්තර තරග පිටියට යළි පිවිසීම දකුණු අප්‍රිකාවේ දී සනිටුහන් කරනු ඇති.

මෙම වසරේ මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරගාවලි 4ක් කොරෝනා වංසගතය හේතුවෙන් කල් දැමීමට සිදු වූ අතර, ඊට එංගලන්ත, දකුණු අප්‍රිකා, ඉන්දීය සහ බංග්ලාදේශ තරගාවලි ඇතුළත්.

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වනවා.

පළමු තරගය දෙසැම්බර් 26 වනදා එනම් බොක්සිං දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැතත්, පළමු තරගය බොහෝ විට ඩර්බන් හෝ පෝර්ට් එලිසබෙත් හී දී පැවැත්වෙනු ඇති.

දෙවැනි තරගය කේප් ටවුන් හී දී පැවැත්වීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක පසුගිය වසරේ දී නිරත වූ අතර, එහිදී ඔවුන් ඉතිහාසගත වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරට දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...