ගෙදර අවමංගල්‍ය කටයුතු සිදු වෙද්දී මන්දීප් සහ රානා IPL පිටියට

Date:

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ පිතිකරු මන්දීප් සිංගේ පියා වන හර්දේව් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි හර්දේව් සිං ඉන්දියාවේ චන්දීගඩ්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණු අතර, එම අවස්ථාවට මන්දීප් සිංට එක්වීමට සිදු වූයේ වීඩියෝ දුරකතන ඇමතුමක් මාර්ගයෙන් පමණයි.

කෙසේ වෙතත්, සිය පියාගේ අභාවය මධ්‍යයේ වුව ද මන්දීප් සිං ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(24) සන්රයිසස් හයිරදාබාද් කණ්ඩායමට එරෙහිව ඩුබායිහි පැවැති තරගයේ දී පංජාබ් පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ද ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියා.

මන්දීප් සිංගේ පියාගේ අභාවය හේතුවෙන් මෙම තරගයේ දී පංජාබ් ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කරනු ද දක්නට ලැබුණා.

මෙම තරගය සදහා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කළ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්ගේ පියා ද මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ අතර, එම අවස්ථාවේ රෂීඩ් ඛාන් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටියා.

එබැවින් ඔහුට ද සිය පියාගේ අවසන් කටයුතු සදහා සහභාගී වීමට හැකි වූයේ නැහැ.

මේ අතර, ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මුල්පෙල පිතිකරු නිටීෂ් රානාගේ බිරිදගේ පියා ද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඊයේ දිනයේ දී නිටීෂ් රානා රැස් කළ තම 10 වැනි අයි.පී.එල් අර්ධ ශතකය ද සිය බිරිදගේ පියා වෙනුවෙන් පුද කරන අයුරු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...