ජෝර්ඩන් 17/3 – පංජාබයට පෙරළිකාර ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගයෙන් ලකුණු 12 ක පෙරලිකාර ජයක් වාර්තා කිරීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

නිකලස් පූරාන් නොදැවී ලකුණු 32ක්, කේ.එල් රාහුල් ලකුණු 27ක් සහ ක්‍රිස් ගේල් ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා, ජේසන් හෝල්ඩර් සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ලකුණු 127ක ඉක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

නායක ඩේවිඩ් වෝනර් ලකුණු 35ක්, විජය ශංකර් ලකුණු 26ක් සහ ජොනී බෙයාර්ස්ටව් ලකුණු 19ක් ලබා ගත්තා.

වෝනර් සහ බෙයාර්ස්ටව් අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 56ක්.

මනීෂ් පාන්ඩේ පන්දු 29කින් ලබා ගත්තේ ලකුණු 15ක් පමණයි.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ලකුණු 23කට කඩුලු 3ක් සහ ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 17කට කඩුලු 3ක් බිද හෙලුවා.

ජෝර්ඩන් ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී ලකුණු 3ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වීම තරගයේ ජයග්‍රහනය පංජාබ් කණ්ඩායම සතු වීමට ප්‍රබල ලෙස බලපෑවා.

(තරගයේ විශේෂ අවස්ථා නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පංජාබ් කණ්ඩායම සමත් වුණේ ප්‍රසාද ලකුණු 10ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියන හයිදරාබාද් කණ්ඩායමට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...