Watch : අවසන් පන්දුවේදී සික්සර්ස් කණ්ඩායමට තියුණු ජයක්

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරදා කඩුලු පහක තියුණු ජයක් වාර්තා කිරීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමත් වුණා.

ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සික්සර්ස් පිලට තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරයේදී ලකුණු 15 ක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දු දෙකට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 7 ක්.

කෙසේ වෙතත්, Chris Green යොමු කළ 20 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට Ben Dwarshuis එල්ල කළ හයේ පහරත් සමගින් අවසන් පන්දුවට ඔවුන්ට ජයග්‍රහනය සදහා අවශ්‍ය වූයේ එක් ලකුණක් පමණයි. එය පහසුවෙන්ම ලබා ගත් Dwarshuis සිය කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දුන්නා. (දර්ශන පහතින්)

ඔහු නොදැවී ලකුණු 20 ක් ලබා ගත්තේ පන්දු 8කින්. Jordan Silk නොදැවී ලකුණු 36(25) ක් රැස් කළා. Josh Philippe ලකුණු 35(27) යි. පන්දු යැවීමේ දී Lockie Ferguson ලකුණු 32 කට කඩුලු දෙකක් දවා ගත්තා.

සිඩ්නිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම ලකුණු 163 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි. Cameron Bancroft පන්දු 52 කින් නොදැවී ලකුණු 70 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5 ක් සමගින්. Oliver Davies ලකුණු 47(34) යි. Akeal Hosein හා Ben Dwarshuis කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, හෝබාර්ට්හි පැවැති තරගාවලියේ 7 වැනි තරගයෙන් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් පර්ත් පිල කඩුලු හයක් දැවී ලකුණු 155 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හෝබාර්ට් පිල පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Mitchell Owen පන්දු 64 කින් නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඒ, හයේ පහර 5 කින් හා හතරේ පහර 9කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...