ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ මහා සභා රැස්වීමක් කැදවයි

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජනවාරි 12 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නව ලේකම්වරයෙකු හා භාණ්ඩාගාරිකවරයෙකු පත් කර ගැනීමේ අරමුණ ඇතිවයි මෙම විශේෂ මහා සභා රැස්වීම කැදවා ඇත්තේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළ ජේ ශාහ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ස්වාධීන සභාපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග ඔහුට සිය ලේකම් ධූරයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඒ, අයි.සී.සී නීති රීතිවලට අනුව අයි.සී.සී සභාපතිවරයාට කිසිදු ක්‍රිකට් ආයතනයක තනතුරක් දැරිය නොහැකි බැවින්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික ලෙස Ashish Shelar කටයුතු කළ නමුත්, ඔහු නව මහාරාෂ්ට්‍ර ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස දිව්රුම් දී තිබීම හේතුවෙන් ඔහු ද සිය භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් වුණා.

ඒ, අමාත්‍යවරයෙකුට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු දැරිය නොහැකි බවට වන නීතියක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට ඇතුළත් බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...