BGT : ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක්

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙකෙන් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු නේදන් මැක්ස්වීනී ඉවත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගත් ඔහු පළමු තරග තුනේදී පිළිවෙලින් ලකුණු රැස් කළේ 10, 0, 39, 10*, 9 හා 4 ලෙසයි.

ඔහු වෙනුවට ටෙස්ට් සංචිතයට ආදේශ කර ඇත්තේ 19 හැවිරිදි Sam Konstas.

මේ අතර, තෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ ජොෂ් හේසල්වුඩ් වෙනුවට ශෝන් ඇබෝට් හා Beau Webster සංචිතයට ආදේශ කර තිබෙනවා. එමෙන්ම ජයි රිචර්ඩ්සන් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර, සිව්වැනි තරගය මෙල්බර්න්හීදී බොක්සිං දිනයේදී ආරම්භ වීමට නියමිතයි.

Australia squad:

Pat Cummins (c), Travis Head (vc), Steve Smith (vc), Sean Abbott, Scott Boland, Alex Carey, Josh Inglis, Usman Khawaja, Sam Konstas, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Jhye Richardson, Mitchell Starc, Beau Webster

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...