Ottneil Baartman එක්දින තරගාවලියෙන් ඉවතට

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Ottneil Baartman හට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙවැනි එක්දින තරගයට පෙර ශරීරය උණුසුම් කරන ව්‍යායාමවල නිරතව සිටියදී ඔහුගේ දකුණු දණහිසෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

එම නිසා පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ඔහුට දෙවැනි එක්දින තරගය ද අහිමි වුණා.

ඔහු වෙනුවට Corbin Bosch සංචිතයට ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් පාකිස්තානය මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්ව ඇති අතර, අවසන් තරගය එළඹෙන 22 වැනිදා ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...