ජේකර්ගේ 72* හා පන්දු යවන්නන්ගේ දක්ෂතා බංග්ලාදේශයට පූර්ණ T20 තරගාවලි ජයක් හිමි කර දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මෙරට වේලාවෙන් අද(20) පෙරවරුවේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි විස්සයි 20 තරගයෙන් බංග්ලාදේශය ලකුණු 80ක ජයක් වාර්තා කිරීමත් සමගයි. එය ඔවුන් ලකුණු පරතරය අතින් විස්සයි 20 තරගයක් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

බංග්ලාදේශය මෙලෙස තරග 3-0 ක් ලෙස විස්සයි 20 තරගාවලියක් ජය ගත්තේ වසර දෙකකට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

Kingstown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 109 ක් පමණයි.

කොදෙව්වන් විස්සයි 20 තරගයකදී බංග්ලාදේශයට එරෙහිව රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව වන්නේ එයයි.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ජේකර් අලී පන්දු 41 කින් නොදැවී ලකුණු 72 ක් රැස් කළා. ඒ, හයේ පහර හයක් හා හතරේ පහර 3 ක් සමගින්. පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 30 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ද රොමාරියෝ ෂෙපර්ඩ්. ඔහු ලකුණු 33(27) කට දැවී ගිය අතර, ජොන්සන් චාර්ල්ස් ලකුණු 23 යි.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් ලකුණු 21 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, ටස්කින් අහ්මඩ් හා මහෙදි හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...