හෝබාර්ට් පිල 74 කට දවා ගනිමින් මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට පහසු ජයක්

Date:

2024 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ජීලෝන්ග්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් හෝබාර්ට් කණ්ඩායමට පන්දුවාර 12.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි.

Nathan Ellis ලකුණු 35(29) ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී Fergus O’Neill, Tom Rogers හා Will Sutherland කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මෙල්බර්න් පිල පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tim Seifert නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තේ පන්දු 19 කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී Nathan Ellis ලකුණු 12 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...