ටෙස්ට් පිතිකරුවන් හා T20I පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හා විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමු‍ණෙහි වෙනස්කම් සිදුව තිබෙනවා.

ඒ අනුව පසුගිය සතියේදී ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පත් වූ හැරී බෘෘක් අභිබවා යමින් යළිත් වරක් ජෝ රූට් එහි දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනා දැක් වූ දක්ෂතාවල ප්‍රතිපල මතයි.

බාෘක් මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන අතර, කමිදු මෙන්ඩිස් 6 වැනි ස්ථානයේ පසුවනවා. දිනේෂ් චන්දිමාල් 14 වැනි ස්ථානය දක්වාත්, ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සී සදහන් කළේ.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ප්‍රභාත් ජයසූරිය පසුබැසීමකට ලක්ව ඇති අතර, අසිත ප්‍රනාන්දු 15 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ද එක් ස්ථානයකින්.

මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් අතර පෙරමුණට පත් වීමට කොදෙව් දූපත්හි අකීල් හොසේන් සමත්ව තිබෙනවා. ඔහු ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර,  ඒ අනුව අඩිල් රෂීඩ් දෙවැනි ස්ථානය දක්වාත්, වනිදු හසරංග තෙවැනි ස්ථානය දක්වාත්, ඇඩම් සම්පා සිව්වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පසුබැස තිබෙනවා. මහීෂ් තීක්ෂණ රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.

විස්සයි 20 පිතිකරුවන් අතර පෙරමුණ තවදුරටත් ට්‍රැවිස් හෙඩ් විසින් හොඹවනු ලබන අතර, පැතුම් නිස්සංක එහි සම 9 වැනි ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් 11 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...