කොල්කටාව හමුවේ දිල්ලියට ලකුණු 59ක දැවැන්ත පරාජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 42 වන තරගයෙන් ලකුණු 59ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ අබුඩාබි හි පැවැති තරගයෙන් පරාජයට පත් වූයේ ප්‍රබල දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 42ක් තුළ දැවී ගිය අතර, අනතුරුව සිව්වන කඩුල්ල සදහා ලකුණු 115ක වේගවත් සබදතාවයක් ගොඩ නැගීමට නිටිෂ් රානා සහ සුනිල් නාරයන් සමත් වුණා.

රානා පන්දු 53කින් ලකුණු 81ක් (4×13, 6×1) රැස් කළ අතර, නාරායන් පන්දු 32කින් ලකුණු 64ක් (4×6, 6×4) රැස් කළා.

පන්දු යැවීමේ දී Anrich Nortje, කාගිසෝ රබාඩා සහ මාර්කස් ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

නායක ෂ්රෙයස් අයියර් ලකුණු 47යි.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්ති ලකුණු 20කට කඩුලු 5ක් සහ පැට් කමින්ස් ලකුණු 17කට කඩුලු 3ක් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානය තවදුරටත් රැක ගැනීමට කොල්කටා කණ්ඩායම සමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...