ඉන්දීය සුපිරි දග පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි තමා මෙලෙස ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළ බව ඔහු විසින් නිවේදනය කළේ ඔස්ට්‍රේලියාව සමග අද නිමා වූ තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසුවයි.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුව සදහා නායක රෝහිත් ෂර්මා සමගින් අශ්වින් ද පැමිණ සිටි අතර, එහිදී ඔහු සිය තීරණය නිවේදනය කළා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගය සදහා අශ්වින් ක්‍රීඩා නොකළ අතර, ඔහු අවසන් වරට ඉන්දියාව නියෝජනය කළේ දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීයි.

සිය වසර 14 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 106 ක් ක්‍රීඩා කළ ඔහු දවා ගත් කඩුලු ගණන 537 ක්. ඉන්දියාව වෙනුවෙන් පන්දු යවන්නෙකු දවා ගත් දෙවැනි ඉහළම කඩුලු සංඛ්‍යාව මෙන්ම ලෝක ටෙස්ට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු දවා ගත් 7 වැනි ඉහළම කඩුලු සංඛ්‍යාව වන්නේ එයයි.

සමස්තයක් ලෙස ජාත්‍යන්තර තරග 287 ක් ක්‍රීඩා කර ඇති 38 හැවිරිදි අශ්වින් එහිදී බිද හෙලූ කඩුලු ගණන 765 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...