තෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අද(18) නිමා වුණා.

අපේක්ෂා කෙරුණු පරිදි පස්වැනි දිනයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 24.1 ක් පමණයි.

බ්‍රිස්බේන්හි පැවැති තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 252 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 260 ක්. ඒ, ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 445 ට පිළිතුරු ලෙසයි.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 275 ක ඉලක්කයක් හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, තරගය වර්ෂාව හේතුවෙන් නතර කිරීමට සිදු වන විට ඉන්දියාව කඩුලු කිසිවක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක්.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 84 ක් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77 ක් රැස් කළා. අංක 11 පිතිකරු වූ ආකාශ් දීප් ලකුණු 31 ක් ලබා ගනිමින් ඉන්දියාව පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානයෙන් ගලවා ගත්තා. පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 4 ක් හා මිචෙල් ස්ටක් කඩුලු 3 ක් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ නායක පැට් කමින්ස්. ඔහු ලකුණු 22 කට දැවී ගිය අතර, ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 20 යි. ට්‍රැවිස් හෙඩ් ලකුණු 17 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 ක් බිද හෙලූ අතර, මොහමඩ් සිරාජ් හා ආකාශ් දීප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...