නවසීලන්ත නව සුදු පන්දු නායකයා නිවේදනය කෙරේ

Date:

නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස මිචෙල් සැන්ට්නර් පත් කර තිබෙනවා.

ඒ, ජූනි මාසයේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සුදු පන්දු නායකත්වයට සමු දුන් කේන් විලියම්සන් වෙනුවටයි.

සැන්ට්නර් මීට පෙර විස්සයි 20 තරග 24 කදී හා එක්දින තරග 4 කදී නවසීලන්තය මෙහෙයවා තිබෙනවා.

මෙම මස අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එරට සිදු කරන තරග සංචාරය ඔහුගේ නිත්‍ය නායකත්වය යටතේ නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගාවලි බවට පත් වනු ඇති.

ඔහුගේ නායකත්වයෙන් නවසීලන්තය ක්‍රීඩා කරන පළමු ප්‍රධාන තරගාවලිය වන්නේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියයි.

අනතුරුව 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම සැන්ට්නර්ට පැවරෙන දැවැන්තම වගකීම බවට පත්වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...