සිම්බාබ්වේ – ඇෆ්ඝනිස්තාන පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය අද(17) වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

හරාරේහීදී පැවැති තරගයේ ආරම්භය ද වර්ෂාව හේතුවෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර, අනතුරුව එක් ඉනිමක් පන්දුවාර 28 කට සීමා කරමින් තරගය ආරම්භ කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ පිලට ලබා දීමටයි තීරණය කළේ.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 9.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

Ben Curran ලකුණු 15 කටත්, Dion Myers ලකුණු 12 කටත් දැවී ගියා. පන්දු යැවීමේදී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගත්තා.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව ප්‍රතිපලයකින් තොරව පළමු එක්දින තරගය අවසන් කෙරුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...