19 වැනි පන්දුවාරයේදී සෑම්ස් ගහපු 6, 6, 4, 6, 4, 4 හමුවේ සිඩ්නි පිලට නොසිතූ ජයක් (වීඩියෝ සහිතයි)

Date:

තරගයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරයේදී ඩැනියල් සෑම්ස් එල්ල කළ සුපිරි ප්‍රහාරය හමුවේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑග් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(17) සමත් වුණා.

කැන්බරාහි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 183 ක ඉලක්කයක් හඹා ගිය තන්ඩර් කණ්ඩායමට අවසන් පන්දු 12 තුළ දී කඩුලු 3ක් අතැතිව ජයග්‍රහනය සදහා ලකුණු 34 ක් අවශ්‍ය වුණා.

එවන් පසුබිමක Lloyd Pope යොමු කළ 19 වැනි පන්දුවාරයේදී අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ සෑම්ස් ලකුණු 31 ක් උදුරා ගැනීමට සමත් වුණේ අවසන් පන්දුවාරයේදී ජයග්‍රහනය සදහා ලකුණු 3 ක් පමණක් සිය කණ්ඩායමට ලබා ගැනීමට අවශ්‍ය වන වාතාවරණයක් නිර්මාණය කරමින්.

එම පන්දුවාරයේ ලකුණු සටහන දැක් වුණේ පිළිවෙලින් 6, 6, වයිඩ් ලකුණක්, 4, 6, 4, 4 ක් ලෙසයි. සෑම්ස් පන්දු 18 කින් නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී තරගයේ ජය සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා. හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

19 හැවිරිදි Sam Konstas මෙම තරගයේ දී බිග් බෑෂ් ලීග් වරම් දිනා ගත් අතර, ඔහු නායක ඩේවිඩ් වෝනර් සමගින් තන්ඩර් ඉනිම ආරම්භ කළා. වෝනර් ලකුණු 7 කට දැවී ගිය නමුත්, අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ Sam Konstas පන්දු 27 කින් ලකුණු 56 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 8 ක් සමගින්. සෑම් බිලින්ග්ස් ලකුණු 29 ක් හා Oliver Davies ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Henry Thornton ලකුණු 34 කට කඩුලු 2 ක් හා ජෙමි ඕවර්ටන් ලකුණු 28 කට කඩුලු 2ක් දවා ගත්තා.

කැන්බරාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තේ ජෙමී ඕවර්ටන් නොදැවී ලබා ගත් ලකුණූ 45(35) න් හා Jake Weatherald රැස් කළ ලකුණු 40(19) න් ශක්තිමත් වෙමින්. James Bazley ලකුණු 32(12) යි.

පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් ලකුණු 24 කට කඩුලු 3 ක් හා ක්‍රිස් ග්‍රීන් ලකුණු 27 කට කඩුලු 3 ක් බිද හෙලුවා. Tanveer Sangha කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 27 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...