විලියම්සන්ගේ ශතකය හමුවේ එංගලන්තයට 658 ක දැවැන්ත ඉලක්කයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය එංගලන්තය දරුණු පරාජයක් අභියසට ඇද දමමින් අද(16) නිමා වුණා.

හැමිල්ටන්හි පැවැති තරගය අද දිනයට අවසන් කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 658 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලබා සිටියේ ලකුණු 18 ක් පමණයි. ඒ අනුව ඔවුන් ජයග්‍රහනයට තවත් ලකුණු 640 ක් පිටුපසින් පසුවනවා.

බෙන් ඩකට් ලකුණු 4කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 5කටත් පිළිවෙලින් ටිම් සවුතිගේ හා මැට් හෙන්රිගේ පන්දු දෙකක් හමුවේ දැවී ගියා. ජෙකොබ් බෙතෙල් නොදැවී ලකුණු 9 ක් ලබා සිටින අතර, ජෝ රූට් මෙතෙක් කිසිදු පන්දුවක් සදහා මුහුණ දී නැහැ.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 453 ක්.

අගනා ශතකයක් වාර්තා කළ කේන් විලියම්සන් ලකුණු 156 ක් රැස් කළේ පන්දු 204 කින්. ඔහුගේ ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 20 කින් වර්ණවත් වුණා. ඩැරල් මිචෙල් හා විල් යන්ග් ලකුණු 60 බැගින් ලබා ගනිමින් නවසීලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළා. මිචෙල් සැන්ට්නර් ලකුණු 49 කට දැවී ගිය අතර, ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 44 යි.

පන්දු යැවීමේදී ජෙකොබ් බෙතෙල් ලකුණු 72 කට කඩුලු 3 ක් දවා ගත් අතර, බෙන් ස්ටොක්ස් හා ශොයිබ් බෂීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 347 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 143 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...