වර්ෂාව මැද ඉන්දියාව අන්ත අසරණ වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ තෙවැනි දිනය අද(16) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගය සදහා අද දිනයේදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටියා.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ පළමු දිනය ද පන්දුවාර 13.2 කට පමණක් සීමා වූ අතර, අද දිනයේදී යොමු කිරීමට හැකි වූයේ පන්දුවාර 33.1 ක් පමණයි.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 405 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 445 ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ ට්‍රැවිස් හෙඩ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 152 ක්. පන්දු 160 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 18 ක් ඇතුළත්. ඉනිම 25 කින් ශතකයක් රැස් කළ සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් ලකුණු 101 ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු 190 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් වුණා. ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 241 (302) ක්.

ඇලෙක්ස් කෙරී ලකුණු 70 ක් ලබා සිටියදී දැවී ගියේ ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි. යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 76 කට කඩුලු 6 ක් දවා ගත්තා.

පිළිතුරු ඉන්දීය ඉනිමේ පළමු කඩුලු දෙක ලෙස මිචෙල් ස්ටක්ගේ පන්දු හමුවේ යශස්වි ජයිස්වාල් ලකුණු 4කටත්, ෂුබ්මන් ගිල් එක් ලකුණකටත් දැවී ගියේ පන්දුවාර 3ක් සම්පූර්ණ වීමටත් පෙරයි. විරාත් කෝලි ලකුණු 3 කට දවා ගැනීමට ජොෂ් හේසල්වුඩ් සමත් වුණා. රිෂාබ් පන්ට් ලකුණුු 9 කට දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේයි.

කේ.එල් රාහුල් ලකුණු 33 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, නායක රෝහිත් ෂර්මා මෙතෙක් ලකුණු රැස් කිරීම ආරම්භ කර නැහැ.

මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 394 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...