රෂීඩ් ඛාන් ටෙස්ට් සංචිතයට කැදවයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් යළි ටෙස්ට් සංචිතයට කැදවීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඔහු මෙතෙක් ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කර ඇති අතර, අවසන් වරට ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2021 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහුට මෑතකදී ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. ඊට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 7 දෙනෙකු ද නම් කර තිබෙනවා.

එනම්, Bashir Ahmad, Ismat Alam, Azmatullah Omarzai, Fareed Ahmad Malik, Riaz Hassan, Sediqullah Atal හා Zahir Shehzad යන ක්‍රීඩකයින්.

බොක්සිං දිනයේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය බුලවායෝහීදී පැවැත්වීමට නියමිතයි.

Afghanistan Squad:

Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Ikram Alikhail (wk), Afsar Zazai (wk), Riaz Hassan, Sediqullah Atal, Abdul Malik, Baheer Shah Mahboob, Ismat Alam, Azmatullah Omarzai, Zahir Khan, Zia Ur Rehman Akbar, Zahir Shehzad, Rashid Khan, Yamin Ahmadzai, Bashir Ahmad Afghan, Naveed Zadran, and Fareed Ahmad Malik

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...