පවෙල්ගේ ප්‍රහාරය පසෙකළා බංග්ලාදේශයට තියුණු ජයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල්ගේ වේගවත් අර්ධ ශතකය අපතේ යවමින් පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

Kingstown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු හයක් දැවී ලකුණු 147 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.

පවෙල් පන්දු 35 කින් ලකුණු 60 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්. රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 22 කටත්, ජොන්සන් චාර්ල්ස් ලකුණු 20 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී මහෙදි හසාන් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත් අතර, හසාන් මහ්මුද් හා ටස්කින් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට කඩුලු දෙකක් අතැතිව ලකුණු 10 ක් ලබා ගැනීමට අවශ්‍ය වූ නමුත්, හසාන් මහ්මුද් විසින් යොමු කළ එම පන්දුවාරයේදී කොදෙව්වන් රැස් කළේ පන්දු පහකදී කඩුලු දෙකම දැවී යමින් ලකුණු දෙකක් පමණයි. එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේදීයි නායක පවෙල් දැවී ගියේ.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සාකාර් ලකුණු 43(32) ක් රැස් කළ අතර, ජේකර් අලී හා ශමිම් හොසේන් ලකුණු 27 බැගින් ලබා ගත්තා. මහෙදි හසාන් නොදැවී ලකුණු 26 යි.

පන්දු යැවීමේ දී අකීල් හොසේන් හා ඔබෙඩ් මැකෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...