BBL පළමු තරගයේ ජය ස්කෝචර්ස් කණ්ඩායමට ; හිල්ටන්ගේ තත්ත්වය යහපත් අතට

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරයෙන් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම ඊයේ(15) සමත් වුණා.

පර්ත්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 146 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පර්ත් කණ්ඩායම පන්දුවාර 17.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 150 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Cooper Connolly පන්දු 51 කින් ලකුණු 64 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්. නායක Ashton Turner නොදැවී ලකුණු 37(27) ක් හා Nick Hobson නොදැවී ලකුණු 27(14) ක් රැස් කළා.

පන්දු යැවීමේදී Adam Milne, Peter Siddle, Tom Curran හා Brody Couch කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් පිල වෙනුවෙන් නායක Marcus Stoinis හා Tom Curran ලකුණු 37 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Jhye Richardson කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 19 ක් ලබා දෙමින්. Lance Morris කඩුලු දෙකක් බිද හෙලුවා.

මේ අතර, මෙම තරගයේ දී පන්දු රකිමින් සිටියදී ගෙල ආශ්‍රිතව ආබාධයකට මුහුණ දුන් මෙල්බර්න් කණ්ඩායමේ Hilton Cartwright ගේ තත්ත්වය මේ වන විට යහපත් බව එම කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට ඊයේ රාත්‍රී කාලයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...