ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලෙන් ආසියානු කුසලානයට ජයග්‍රාහී ආරම්භයක්

Date:

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද(15) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු තරගයෙන් මැලේසියාවේ පරදා ලකුණු 94 ක දැවැන්ත ජයක් ලබමින්.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

නායිකා මනුදි නානායක්කාර පන්දු 40 කින් නොදැවී ලකුණුු 74 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් සමගින්. ලිමන්සා තිලකරත්න නොදැවී ලකුණු 41(46) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Nur Dania Syuhada ලකුණු 21 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 59 ක් පමණයි.

Nur Ain Binti Roslan ලකුණු 12 ක්, Suabika Manivannan ලකුණු 11 ක් හා Nuriman Hidayah නොදැවී ලකුණු 10 ක් රැස් කළා.

පන්දු යැවීමේදී හිරුනු හන්සිකා ලකුණු දෙකකට කඩුලු දෙකක් දවා ගත්තා.

මේ අතර, අද පැවැති තරගාවලියේ දෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා ඉන්දියාව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 67 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 7.5 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...