Lanka T10 : ටයිටන්ස්, බන්ග්ලා ටයිගර්ස් හා මාර්වල්ස් කණ්ඩායම්වලට ජය

Date:

Lanka T10 Super League ක්‍රිකට් තරගාවලියේ 15 තරගයෙන් Nuwara Eliya Kings කණ්ඩායම පරදා ලකුණු 53 ක ජයක් වාර්තා කිරීමට Jaffna Titans කණ්ඩායම අද(15) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Titans කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් රැස් කළා. ටොම් ඇබෙල් පන්දු 24 කින් ලකුණු 59 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් සමගින්. චරිත් අසලංක ලකුණු 33(17) යි. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Nuwara Eliya Kings කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි. චාමික පන්දු 26 කින් ලකුණු 58 ක් නොදැවී රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්. නුවර එළිය ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළ එකම පිතිකරු ඔහුයි. පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 8කට කඩුලු 3 ක් දවා ගත් අතර, නුවන් තුෂාර හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, අද පැවැති තරගාවලියේ 13 වැනි තරගයෙන් Kandy Bolts පරදා ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට Hambantota Bangla Tigers සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. මොහමඩ් ශහ්සාඩ් පන්දු 18 කින් ලකුණු 52 ක් රැස් කළ අතර, දසුන් ශානක නොදැවී ලකුණු 39(15) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී තිසර පෙරේරා ලකුණු 26 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

මහනුවර කණ්ඩයමට පන්දුවාර 10 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණයි. මොහමඩ් ශමාස් ලකුණු 25(13) ක් හා ශෙහාන් ජයසූරිය ලකුණු 23(7) ක් රැස් කළා. පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 10 කට කඩුලු 4 ක් බිද හෙලුවා. දසුන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 16 ක් ලබා දෙමින්.

Mohammad Shahzad 52 (18) © SLC

මේ අතර, තරගාවලියේ 14 වැනි තරගය Colombo Jaguars හා Galle Marvels අතර අද පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කළේ ගාලු කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 82 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ගාලු පිල පන්දුවාර 7.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් පන්දු 18 කින් ලකුණු 38 ක් රැස් කළ අතර, නිරෝෂන් දික්වැල්ල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20(12) ක්.පන්දු යැවීමේදී කමිදු මෙන්ඩිස් ලකුණු 14 කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල වෙනුවෙන් නජිබුල්ලාහ් ලකුණු 26(15) ක් හා ඩෑන් ලෝරන්ස් ලකුණු 22(16) ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී සහූර් ඛාන් ලකුණු 15 කට කඩුලු 4 ක් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Alex-Hales-and-Niroshan-Dickwella
Alex Hales and Niroshan Dickwella © SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...