එංගලන්තය 143 කට දවා ගනිමින් තරගයේ පාලනය නවසීලන්තය නතු කර ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(15) නිමා වුණේ තරගයේ පාලනය සත්කාරක කණ්ඩායමට නකු කර දෙමින්.

හැමිල්ටන්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 315 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 347 ක් රැස් කළා. මිචෙල් සැන්ට්නර් ලකුණු 76 ක් හා ටොම් ලේතම් ලකුණු 63 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මැතිව් පොට්ස් කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි. මැට් හෙන්රි කඩුලු 4 ක් දවා ගත් අතර, විල් ඕරෝක් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් බිද හෙලුවා. වැඩිම ලකුණුලාභියා වූ ජෝ රූට් ලකුණු 32 ක් රැස් කළා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 340 ක්.

විල් යන්ග් ලකුණු 60 ක් ලබා ගත් අතර, කේන් විලියම්සන් නොදැවී ලකුණු 50 යි. බෙන් ස්ටොක්ස් කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...