3rd Test : එක් වෙනස්කමක් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කෙරේ

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේදී එම කණ්ඩායමට එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ආබාධයකට ලක් වීම හේතුවෙන් දෙවැනි තරගයෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු වෙනුවට දෙවැනි තරගයට ක්‍රීඩා කළ ස්කොට් බෝලන්ඩ්ට, තෙවැනි තරගය අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, තෙවැනි තරගය හෙට(14) බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Australia XI for third Test:

Usman Khawaja, Nathan McSweeney, Marnus Labuschagne, Steve Smith, Travis Head, Mitch Marsh, Alex Carey (wk), Pat Cummins, Mitch Starc, Nathan Lyon, Josh Hazlewood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...