BBL නිසා කොදෙව් ප්‍රබලයින් කිහිප දෙනෙකු ජාතික වගකීමෙන් ඉවත් වෙයි – කාර්ති T20I සංචිතයට

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

කේසි කාර්ති පළමු වරට විස්සයි 20 සංචිතයට නම් කර ඇති අතර, ජොන්සන් චාර්ල් ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ෂේයි හෝප් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් සංචිතයට නම් කර නැහැ.

අකීල් හොසේන් ද එම හේතුව නිසාම අවසන් විස්සයි 20 තරගයට ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ජෙයිඩන් සීල්ස් අවසන් තරගය සදහා වන කොදෙව් සංචිතයට නම් කර තිබෙනවා.

දෙසැම්බර් 15 වැනිදා සිට 19 වැනිදා දක්වා විස්සයි 20 තරගාවලිය පැවැත්වීමට නියමිතයි. බිග් බෑෂ් ලීග් තරගාවලිය ද ආරම්භ වන්නේ දෙසැම්බර් 15 වැනිදායි.

West Indies squad for Bangladesh T20Is

Rovman Powell (c), Brandon King (vice-capt), Keacy Carty, Johnson Charles, Roston Chase, Justin Greaves, Terrance Hinds, Akeal Hosein/Jayden Seales, Alzarri Joseph, Evin Lewis, Obed McCoy, Gudakesh Motie, Nicholas Pooran, Romario Shepherd, Shamar Springer

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...