පාකිස්තාන රතු පන්දු පුහුණුකරුත් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Date:

ජේසන් ජිලෙස්පි පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ද එක් නොවීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ එරට ටෙස්ට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ආකිබ් ජාවෙඩ් පත් කළ බවයි.

ඔහු මේ වන විට පාකිස්තාන සුදු පන්දු කණ්ඩායමේ ද වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඒ, ගැරී කර්ස්ටන් මෑතකදී පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන්.

කර්ස්ටන්ගේ ඉල්ලා අස් වීමෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තරග රටා ත්‍රිත්වයේම වගකීම ජේසන් ජිලෙස්පි වෙත පැවරීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ නමුත්, අමතර වැටුපක් නොමැතිව වත්මන් ගිවිසුම යටතේම එම වගකීම භාර ගැනීමට ජිලෙස්පි එකග නොවූ බැවින් එම උත්සාහය අසාර්ථක වූ බවට ද මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණා.

ජිලෙස්පි පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පළමුව වාර්තා කර තිබූ නමුත්, පසුව එම වාර්තා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ දකුණු අප්‍රිකා තරගාවලියේදී ද ඔහු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි.

ජේසන් ජිලෙස්පි සමග සහයෝගයෙන් කටයුතු කරන සහාය පුහුණුකරු Tim Nielsen ගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති පසුබිමකයි ජිලෙස්පි මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...