අසලංකගේ ප්‍රහාරය හා ට්‍රෙවීන්ගේ අනර්ඝ පන්දු යැවීම ටයිටන්ස් පිලට දැවැන්ත ජයක් හිමි කරයි

Date:

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් Colombo Jaguars කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට Jaffna Titans කණ්ඩායම අද(12) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරයේ පළමුව පන්දුවට පහරදුන් Titans කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 138 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස Jaguars කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98 ක් පමණයි.

ඩැනියල් ලෝරන්ස් ලකුණු 28(14) කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 18 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් Titans කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක පන්දු 24 කින් ලකුණු 56 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. කුසල් මෙන්ඩිස් ලකුණු 37(19) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස් හා අලී ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගාවලියේ සිව්වැනි තරගය Kandy Bolts [ 38/1 (3.3) ] හා Nuwara Eliya Kings කණ්ඩායම් අතර අද දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් එම තරගය ප්‍රතිපලයකින් තොරවයි අවසන් කෙරුණේ.

තරගාවලියේ පස්වැනි තරගයේ දී Galle Marvels හා Hambantota Bangla Tigers කණ්ඩායම් තරග වැදීමට නියමිතව සිටි නමුත්, වර්ෂාව හේතුවෙන් එම තරගය සම්පූර්ණයෙන් අත්හැර දැමුණා.

තරගාවලිය යටතේ හෙට දිනයේදී ද තවත් තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...