හැරී බෘෘක් ලෝකෙන්ම එක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

අයි.සී.සී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට එංගලන්ත පිතිකරු හැරී බෘෘක් සමත්ව තිබෙනවා. ඒ‍ මෙතෙක් එහි පෙරමුණේ පසු වූ ජෝ රූට් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ද ශතකයක් හා අර්ධ ශතකයක් වාර්තා කරමින් බෘෘක් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස පිතිකරුවන් අතර පෙරමුණට පත්ව ඇති අතර, ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 898 ක්.

ජෝ රූට් හට ශ්‍රේණිගත ලකුණු 897 ක් හිමියි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පරතරය එක් ලකුණට සීමා වී තිබෙනවා. රූට් පසුගිය ජූලි මාසයේ සිට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වුණා. ඔහු සිය ටෙස්ට් දිවියේදී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගත් අවස්ථාව ගණන 9 ක්.

මේ අතර, පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ස්ථාන හයකින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමත්ව ඇත්තේ ඉන්දියාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී ලබා ගත් ලකුණු 140 හේතුවෙන්.

කමිදු මෙන්ඩිස් 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, ටෙම්බා බවුමා 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා. දිනේෂ් චන්දිමාල් 15 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර, ධනංජය ද සිල්වා 16 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්.

ඇන්ජෙලෝ මැතිව්ස් 22 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ. දිමුත් කරුණාරත්න ස්ථාන දෙකකින් පසුබැස ඇත්තේ 24 වැනි ස්ථානය දක්වායි. කුසල් මෙන්ඩිස් 44 වැනි ස්ථානයේ රැදී සිටින අතර, පැතුම් නිස්සංක සම 45 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැට් කමින්ස් සමත්ව තිබෙනවා. ඒ, ආර් අශ්වින් 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පහතට ඇද දමමින්. මිචෙල් ස්ටක් 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3 කින්.

ප්‍රභාත් ජයසූරිය තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා. අසිත ප්‍රනාන්දු 14 වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටී ඇත්තේ එක් ස්ථානයකින්. විශ්ව ප්‍රනාන්දු එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ 28 වැනි ස්ථානය දක්වායි. ලහිරු කුමාර 32 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...