IPL සමග ගැටෙන PSL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දින නියම වෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ජනවාරි 11 වැනිදා සිදු කෙරෙන බව තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලියේ 10 වැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම විදෙස් රටකදී (එංගලන්තයේදී හෝ ඩුබායිහීදී) පැවැත්වීමට ද යෝජනා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සාමාන්‍යයෙන් පෙබරවාරි හා මාර්තු මාසවලදී PSL තරගාවලිය මීට පෙර පැවැත්වුවද, ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය පෙබරවාරි මාසයේදී පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් එළඹෙන PSL තරගාවලිය අප්‍රේල් – මැයි මාසවලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එහිදී PSL තරගාවලිය හා IPL තරගාවලිය අතර ඝට්ටනයක් සිදුවන අතර, ඒ අනුව IPL ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයින් රැසකට PSL තරගාවලියේ දොරටු විවෘත වනු ඇති.

ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, අකීල් හොසෙයින්, ජොනී බෙයාර්ස්ටව්, අඩිල් රෂීඩ් හා කේෂාව් මහරාජ් වැනි ක්‍රීඩකයින් මෙවර වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයින් අතරට ඇතුළත් වුණා.

බොහෝ විදෙස් ක්‍රීඩකයින්ට මීට පෙර ජාතික කණ්ඩායමේ වගකීම් හේතුවෙන් PSL තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වූ නමුත්, මෙවර IPL තරගාවලිය පැවැත්වෙන කාලයේදී PSL තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලයේදී වෙනත් ජාත්‍යන්තර තරගාවලි සංවිධාන නොකෙරෙන බව නොරහසක්.

ඒ අනුව IPL තරගාවලියට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් රැසක් මෙවර PSL තරගාවලියට ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත්, එංගලන්ත ජාතික ක්‍රීඩකයින්ට එංගලන්තයේ දේශීය තරගාවලි පැවැත්වෙන කාලයේදී IPL හැර වෙනත් විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට එරට ක්‍රිකට් ආයතනය අවසර ලබා නොදීමට මේ වන විට ගෙන ඇති තීරණයත් සමග එංගලන්ත ක්‍රීඩකයින්ට PSL තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...