1st T20I : මිලර්ගේ හා ලින්ඩේගේ දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකාවට ජය

Date:

ඩේවිඩ් මිලර්ගේ විශිෂ්ඨ පිතිහරඹය හා ජෝර්ජ් ලින්ඩේගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඩර්බන්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 183 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 172 ක් පමණයි.

නම් දැරූ පිතිකරුවන්ගෙන් දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක අනර්ඝ ඉනිමක් දියත් කළ ඩේවිඩ් මිලර් පන්දු 40 කින් ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ජෝර්ජ් ලින්ඩේ ලකුණුු 48 ක් ලබා ගත්තේ පන්දු 24 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 3 ක් හා අබ්‍රාර් අහ්මඩ් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් රිස්වාන් පන්දු 62 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 74 ක්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. සයීම් අයුබ් ලකණු 31(15) යි.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...