2nd ODI : සීල්ස්ගේ දක්ෂතා හමුවේ එක්දින තරගාවලියේ ජය කොදෙව්වන් තහවුරු කර ගනියි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ශාන්ත කිට්ස්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 227 ක් පමණයි.

මහ්මුදුල්ලාහ් ලකුණු 62 ක් රැස් කළ අතර, ටන්සිඩ් හසාන් ලකුණු 46 යි. ටන්සිම් හසාන් සකිබ් ලකුණු 45 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 22 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 36.5 ක් වැය කරමින් කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 82(76) ක්, එවින් ලුවිස් ලකුණු 49 ක් හා කේසි කාර්ති ලකුණු 45 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...