මහරාජ්ගේ කඩුලු පහ හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයත් පරදියි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 109 ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(9) සිදු වුණා.

Gqeberha හි පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ජයග්‍රහනය සදහා දෙවැනි ඉනිමේදී ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු  5 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 238 ක් පමණයි.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 46 කට දවා ගැනීමට කේෂාව් මහරාජ් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු බොද කරමින්. අනතුරුව කාගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා ලකුණු 50 කට දැවී ගියා. ධනංජය හා මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගී තිබූ සම්බන්ධතාවය ලකුණු 97 (159) ක්.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 9 කටත්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 5 කටත්, ලහිරු කුමාර එක් ලකුණකටත් දවා ගනිමින් දකුණු අප්‍රිකාව තරගයේ ජය මෙන්ම තරගාවලියේ ජය ද තරග 2-0 ක් ලෙස තහවුරු කර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 35 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 32 ක් රැස් කළ අතර, ඔවුන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා සිය ඉනිම් පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට බෙහෙවින් බලපානු ලැබුවා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 76 කට කඩුලු 5 ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා හා ඩේන් පැටර්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 328 ක්. දකුණුු අප්‍රිකාව දෙවැනි ඉනිමට ලකුණු 317 ක් ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස ඩේන් පැටර්සන් ද, තරගාවලියේ වීරයා ලෙස ටෙම්බා බවූමා ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...