දකුණු අප්‍රිකාව WTC පෙරමුණට පැමිණෙයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සි ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 109 ක ජයත් සමගින්.

ඊයේ(8) දිනයේදී ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව ලැබූ ජයත් සමග එතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වූ නමුත්, ඔවුන්ට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. ඒ, 60.71% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව අද ලැබූ ජයත් සමග පළමු ස්ථානයට පත්ව ඇත්තේ 63.33%ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

ඉන්දියාව තෙවැනි ස්ථානයේම පසුවන අතර, ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේම තවදුරටත් රැදී සිටිනවා. කෙසේ වෙතත්, මෙතෙක් 50% ක් ලෙස පැවැති ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශය මේ වන විට 45.45% ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මේ වන විට ඉතා සීමිත වී තිබෙනවා. ශ්‍රී ලංකාවට තවමත් ඒ සදහා සීමිත අවස්ථාවක් ඇතත්, අනෙකුත් තරග ප්‍රතිපල ද ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ලැබිය යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...