ශ්‍රී ලංකාවට දෙවැනි ටෙස්ට් තරගය ජය ගන්න ලකුණු 348 ක ඉලක්කයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 348 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා ලකුණු 317 කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමගයි.

තරගයේ සිව්වැනි දිනය වන අද(8) දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 47 කට දුවද්දී දැවී ගිය අතර, යළිත් සාර්ථක ඉනිමක් දියත් කළ නායක ටෙම්බා බවූමා රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්.

ඩේවිඩ් බෙඩින්ග්හැම් ලකුණු 35 ක් ලබා ගත්තා. පළමු ඉනිමේදී නොදැවුණු ශතකයක් වාර්තා කළ ක්යල් වෙරෙයිනාට මෙම ඉනිමේදී සාර්ථක වීමට ප්‍රභාත් ජයසූරිය ඉඩ ලබා දුන්නේ නැහැ. ඔහු දැවී ගියේ ලකුණු 9 ක් ලබා සිටියදීයි.

දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ඒඩ්න් මාක්‍රම් ලකුණු 55 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 129 ක් ලබා දෙමින්. මෙය ඔහු ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැති ටෙස්ට් තරගයකදී කඩුලු පහක් දවා ගත් පළමු අවස්ථාවයි.

ඔහුට අමතරව විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු හා ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියා.

Gqeberha හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 328 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...