ඔස්ට්‍රේලියාවට කඩුලු 10 ක සුපිරි ජයක් – නවතම WTC ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ඔස්ට්‍රේලියාව අද(8) සමත් වුණා.

ඇඩිලේඩ්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී තරගය ජය ගැනීම සදහා ලකුණු 19 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසු කර ගියා.

නේදන් මැක්ස්වීනි නොදැවී ලකුණු 10 ක් හා උස්මාන් කවාජා නොදැවී ලකුණු 9 ක් ලබා තරගයේ ජය ඔස්ට්‍රේලියාවට තහවුරු කර දුන්නා.

තරගය අද දිනයට ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 128 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණයි.

නිටිෂ් කුමාර් ලකුණු 42 ක් රැස් කළා. ෂුබ්මන් ගිල් හා රිෂාබ් පාන්ට් දැවී ගියේ ලකුණු 28 බැගින් ලබා සිටියදීයි. අද දිනයේදී යොමු කෙරුණු පළමු පන්දුවාරයෙන්ම පාන්ට් දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වුණා. ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු වූ යශස්වි ජයිස්වාල් ලකුණු 24 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 57 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ස්කොට් බෝලන්ඩ් කඩුලු 3 ක් හා මිචෙල් ස්ටක් කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 180 ක් රැස් කළා. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 337 ක්.

මේ අතර, මෙම ජයත් සමග මෙතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි ඉන්දියාවට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

දෙවැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව තවදුරටත් එම ස්ථානයේම රැදී සිටිනවා. ශ්‍රී ලංකාව එහි රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.

මේ අතර, නවසීලන්තය පරදා එංගලන්තය අද ලැබූ ටෙස්ට් තරග ජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා එංගලන්තය පියවරක් ඉදිරියට පැමිණියා. නවසීලන්තය 5 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...